ළමා ආරක්ෂණ බලකාය (Child Protection Force) ආරම්භ කරණුයේ, 2017 සිට ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ හා ළමා අයිතිවාසිකම් පිලිබඳ ප්‍රවීණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් සමග කයයුතු කල, නීතිඥ මිලානි සල්පිතිකෝරාල මහත්මිය විසිණි. තම ආරක්ෂාව වෙනුවෙන් සටන් කිරීමට නොහැකිව නීති පද්ධතිය තුල සිරවී සිටින ළමයින් රාශියක් අප සමාජය තුල ඇත. එවැනි ළමුන් වෙනුවෙන් පෙනිසිමට මෙම ළමා ආරක්ෂණ බලකාය ආරම්භ කෙරිණ. ළමා අයිතිවාසිකම් සදහා පෙනීසිටින හා ඒ උදෙසා කැපවී වැඩ කරන සාමාජිකයින් හා සේවක පිරිසක් මෙම සංවිධානය හා එක්ව සිටියි. සංවිධානයේ කාර්යසාධනය හා නිසි වගකීම් දැරීම, රජයේ නියෝජිත ආයතන අප හා එක වීම මගින් පැහැදිලිකරගත හැක.

Children Hands
Team member

මිලානි සල්පිටිකෝරාල

වෘතියෙන් නීතීඥවරියක් වන මිලනො සල්පිටිකොරල මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘ වන අතර 2013 වර්ෂයේ සිට ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලදී. ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ලන්ඩන් විශ්වවිද්‍යාලයේ එල්.එල්.බී (LLB) උපාධිය හදාරන ලදී. අදට ඇය එම විශ්වවිද්‍යාලයේම විශාරද උපාධිය එල්.එල්.එම් (LLM) හදාරමින් සිටි.

ළමා අයිතිවාසිකම් පිළිබඳව ඇයට ඇති ප්‍රායෝගික දැනුමත්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමියක් වන ශිරානි තිලකවර්ධන මැතිණිය යටතේ පුහුණු වී ලැබු ආභාෂය මත මුල පටන්ම ඇයට මෙම ව්‍යාපෘතිය කිරීමට විශාල අවශ්‍යතාවයක් තිබිණි. ඇගේ පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාවේ ළමයින් වෙනුවෙන් ඇති නීති පද්ධතිය නිසි ආකාරව ගොඩ ගැන්වීමටත්, ශ්‍රී ලංකාවේ ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිට හඩක් නැංවීමටත්ය. ඇය ළමා ආරක්ෂක බලකායේ විධායක අධ්‍යක්ෂකවරිය ලෙස මේ වන විට කටයුතු කෙරේ.
Team member

හර්ෂණ නානායක්කාර

මහා බ්‍රිතාන්‍යයේ ලින්කන්ස් ඉන් හි බැරිස්ටර්වරයෙකු වන අධිනීතීඥ හර්ෂණ නානායක්කාර ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව වෙනුවෙන් මහඟු සේවයක් අදටත් කරගෙන යන පුද්ගලයෙකි. වර්ෂ 2000 සිට 2004 දක්වා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ තිබු ඔහු යුනිසෙෆ් (UNICEF) ආයතනයේ නීති උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබු අතර එහි කළ සේවය වශයෙන් ඔහු පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමක් පුහුණු කිරීමටත් යෙදුණි. හි වර්ෂ 2009 සිට 2012 දක්වා සේවයේ නියත වු ඔහු එහි ව්‍යාපෘති 16ක් පමණ සමීක්ෂණය කරන ලදී. ඔහුගේ වෙනත් සේවයන් කිහිපයක් වනුයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙනුවෙන් කරන ලද සමීක්ෂණ, එම ආයතනයට නීති උප්දේශකවරයෙක් ලෙස කටයුතු කිරීමත් , අධිකරණ ආමාත්‍යංශයට ළමා ආරක්ෂණ නීතී පද්ධතිය වෙනුවෙන් සංශෝධන සඳහා සමීක්ෂණ කිරීම, කුළ වැද්දුම පනත වෙනුවෙන් සංශෝධන ඉදිරිපත් කිරීම, මහේස්ත්‍රාත්වරුන් සහ විනිශ්චකාරවරුන් පුහුණු කිරීමේ වැඩ සටහන් මෙහෙයවීමක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නඩු වෙනුවෙන් ඉදිරිපත් වීමක්ය. එතුමා ළමා ආරක්ෂක බලකායේ ස්වේච්ඡා උපදේශකවරයෙක් ලෙස කටයුතු කරමින් අප ආයතනයට විශාල සහයක් මේ වන විට ලබා දේ.

Team member

මිහිරි සල්පිටිකොරාල

වෘත්තියෙන් අලෙවි කළමනාකරණයේ යෙදි සිටි ඇය ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවකි. බෆලෝ, නිව්යෝක් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් කාලා උපාදියක් හැදැරූ ඇය කලාවෙන්ම විශාරද උපාධියක්, ඔස්ට්‍රේලියානු ව්‍යාපාර පරිපාලන ආයතනයෙන් හදාරන ලදී. ඇය ලංකාවේ ආයතන රාශියක සමාජ සේවය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සේවය කරන ලදී. ඇය ළමා ආරක්ෂක බලකායේ උපදේශිකාවක් වශයෙන් කටයුතු කරනු ලබන අතර ආයතනයේ ව්‍යාපෘති කළමණාකරනය , දැන්වීම් හා අලෙවිකරණය සම්බන්ධයෙන් ඇගේ ස්වේච්ඡා සේවය දෙනු ලැබේ.

Team member

දයා ලියනගේ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දීර්ඝ කාලයක් සේවය කරන ලද විශ්‍රාමික රජයේ සේවකයෙකි. අවුරුදු 50 කට අධික කාලයක් රාජ්‍ය සේවයේ නියුතු වු ඔහු අදට මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන ලදී. ඔහු රාජ්‍ය භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කර ඉන්පසු විශ්‍රාම ලබා ගත්තේ මලයාසියානු රාජ්‍යයේ ශ්‍රී ලංකික තානාපතිවරයා ලෙස පත් වීමටය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ ජාතික Procument Agency හි සභාපති ලෙස පත්වීමෙනි. රාජ්‍ය ආයතන වලට මහඟු සේවයක් ලබා දුන් ඔහුට ඇත්තේ විශාල අත්දැකීම් සමුදායකි. මේ වන විට ළමා ආරක්ෂක බලකායේ ස්වේච්ඡා උපදේශකවරයෙකු ලෙසත් ඔහු කටයුතු කරමින් සිටි.